FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ගම්මන්පිළට ඇමෙරිකා යෑමට අවසර..

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාට මස 18 වනදා සිට 24 වනදා දක්වා ඇමෙරිකාවට යාමට කොළඹ මහාධිකරණ අද (02) අවසර ලබා දුන්නේය.

එ අනුව රුපියල් ලක්ෂ 02ක පෞද්ගලික ඇපකරයක් මත ගම්මන්පිළ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස නියෝග කෙරුණී.

එසේම මන්ත්‍රීවරයා සිය සංචාරය නිමවා නැවත මෙරටට පැමිණි වහාම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය නැවත අධිකරණය භාරයට ගැනීම  කොළඹ මහාධිකරණය නියෝග කළේය.

(ADS)