FAST NEWS

24×7 Around the Globe

අධිබල විදුලි ජනක යන්ත්‍ර භාවිතය අද සිට අනිවාර්යයි..

දිවයින බලපා පවතතින වැසි රහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් අධිබල විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීමට ලියාපදිංචි වී ඇති කර්මාන්ත ශාලා සඳහා අද (02දා) සිට එම යන්ත්‍ර භාවිතය අනිවාර්ය කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.

මේ වනවිට පාරිභෝගිකයන් 250කට අධික පිරිසක් මෙගාවොට් 500කට වඩා වැඩි ජනක ධාරිතාවක් පද්ධතියට එක්කිරීමට ලියාපදිංචි වී ඇති බවත් එලෙස විදුලිය නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා රුපියල් 36ක සුවිශේෂි ගෙවීමක් සිදුකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවත් ඒ මහතා පැවැසීය.

වියළි හා උණුසුම් කාලගුණය නිසා අඛණ්ඩ විදුලි සැපයුමට අභියෝගයක් එල්ල වී ඇති බවත් වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32%කින් අඩුවී තිබෙන බවත් විදුලි ඉල්ලුම 10කින් ඉහළ ගොස් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

(ADS)