FAST NEWS

24×7 Around the Globe

ගාලුමුවදොර ගිය මන්ත්‍රීන් නිසා ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව බෙදෙයි..

එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ බෙදිමක් සිදුව ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රබලයින් පිරිසක් මැයි දිනයේදී ගෝල්ෆේස් මැයි රැලියට සහභාගි වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන් මෙ බෙදීම සිදුව ඇති බවත් පැවසේ.

මෙ සම්බන්ධයෙන් කතිකා කිරීමට සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (03) දිනයේ  රැස්වීමට නියමිත බවද සඳහන්.

එසේම කොළඹ – ගාලුමුව දොරපිටියේ ඊයේ (01) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දඬුවමක් ලබාදීමට කටයුතු නොකරන බව අමාත්‍ය එස්.බී. දිසානායක මාධ්‍ය වෙත සඳහන් කළේය.

දැන් අවශ්‍යව ඇත්තේ පක්ෂය එක්සත්ව තබා ගැනීම බවත් හෙතෙම වැඩි දුරටත් අවාධාරණය කර සිටියේය.

(ADS)