FAST NEWS

24×7 Around the Globe

ගෝල්ෆේස් පිරෙව්වා , හැකිනම් මැතිවරණය පවත්වන්න – හිටපු ජනපති

පුළුවන් නම් ගෝල්ෆේස් පිටිය මහජනතාවගෙන් පුරවන්නැයි ආණ්ඩුව දුන් අභියෝගය සාර්ථකව ජයගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ සඳහන් කළේ ඊයේ (01) ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැලිය අමතමිනි.

ආණ්ඩුවේ අභියෝගය භාරගත්තා සේ ආණ්ඩුවටත්, හැකිනම් මැතිවරණය පවත්වන ලෙස අභියෝග කරන බවද ඒ මහතා පැවසීය.

ඡන්දය යැයි කියන විටම මෙම ආණ්ඩුවට හීන් දාඩිය දමන බවත්, ඡන්දය නොතබන්නේ නම් මහජනතාව සමග එක්ව ඡන්දය ලබාගන්නා බවත් ඒ මහතා පැවසීය.

සමීපුර්ණ කතාව පහතින්..