FAST NEWS

24×7 Around the Globe

ගැටඹේ පැවැත් වූ රැලිය ගැට අඹයක් තරම්වත් වටින්නේ නෑ – ජවිපෙ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටඹේ පැවැත් වූ රැලිය ගැට අඹයක් තරම්වත් නොවටිනා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ බි.ආර්.සී. පිටියේ පැවැත් වුණු ජවිපෙ මැයි රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“කවුරු හරි අතුරු සිදුරු නැතිව පිරෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බි.ආර්.සී. පිටිය පිරී තිබෙන ආකාරයට බව කියන්න පුළුවන්. ාෙබහෝ අය ඉඩ නැතිව හයිලෙවල් පාරේ ඉන්නවා. ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ක් රට පාලනය කරලා ජනතාවට මොනවද දුන්නේ…”

ජනතාවත්, රටත් ආපස්සට ගෙන ගියා. රට නිහීන රාජ්‍යයක්, දුප්පත් හිඟන රටක් බවට පත් කළා. ජනතා පාලනයකින් රට ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රට දැවැන්ත ණය කන්දක හිර කළා. 1985 දී රටේ ණය බර කෝටි 1300 යි. 2014 දී බිලියන 7391 යි. 2017 දී එම අගය බිලියන 10500 යි.” යැයි ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

(ADS)