FAST NEWS

24×7 Around the Globe

වසන්ත සමරසිංහ අද බැදුම්කර කොමීසමට..

ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමට සාක්ෂි ලබාදීම සඳහා දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද (02) එම කොමිසම හමුවට කැඳවීමට නියමිතය.

සාක්කි ලබාදීමට කැමැත්ත පළ කරමින් ඔහු විසින් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම කැඳවීම කර ඇත.

කොමිසම අද දින උදේ 10.00 ට එහි සභාපති  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වේ.

(ADS)