FAST NEWS

24×7 Around the Globe

මැයි රැලි සහ පෙළපාළි පැවැත්වෙන ප්‍රදේශවල සුරාසැල් වැසේ.

මැයි රැලි සහ පෙළපාළි පැවැත්වෙන ප්‍රදේශවල පිහිටි සියලු සුරාසල් අද (01) වසා දැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ හා ඒ අවට තදාසන්න නගරවල, මහනුවර, ගැටඹේ, බදුල්ල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙවර මැයි දින සැමරුම් උත්සව සංවිධාන කර ඇත.

දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තොරතුරු ලබාගෙන මැයි දින සැමරුම් උත්සව පැවැත්වෙන ප්‍රදේශවල සුරාසල් අද දිනයේ වසා තබන ලෙසට සුරාබදු කොමසාරිස්වරයා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.

(ADS)