FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වලස්මුල්ලෙදී ලොරි බස් ගැටුමකින් 28කට තුවාල.

හම්බන්තොට වලස්මුල්ල , කටුවන ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව ය.

බස් රථයේ ගමන් කර ඇත්තේ ඇගලුම් කම්හලක සේවකයින් පිරිසකි.

මේ අතර කටුවන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තුෂාර චමින්ත මහතා පැවසුවේ, පෙරවරු 6.30 ට පමණ තුවාලකරුවන් 28 දෙනෙකු රෝහල්ගත කළ බව ය.

තුවාල ලැබූ කාන්තාවන් 19 දෙනෙකු සහ ළමයින් 5 දෙනෙකු කටුවන රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, බරපතල තත්ත්වයේ පසු වූ පුද්ගලයින් 4 දෙනෙකු ඇඹිලිපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇති බව ය.