FAST NEWS

24×7 Around the Globe

කරදියානට හෙට සිට කසළ නොදමන්නැයි නියෝග..

පිළියන්දල, කරදියාන කසළ අංගනය වෙත කොළඹ මහ නගරසභාවේ කැලිකසළ  බැහැර කිරීම හෙට (29) දිනයේ සිට අත්හිටුවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

අප්‍රේල් මස 17 වන දින සිට අප්‍රේල් මස 28 වන දින දක්වා දිනකට කසළ මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසළ අංගණයට බැහැර කරන ලෙස මීට පෙරා  අධිකරණය විසින් නියෝග කර තිබුණි.

එසේම මෙම කාලය දීර්ඝ කරන ලෙස නගරසභා නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර නොමැති බැවින් කොළඹ මහ නගර සභාවේ කසළ කරදියානය බැහැර කිරීමට අවසර හිමීවන්නේ අද දිනය තුළ පමණී.

(ADS)