FAST NEWS

24×7 Around the Globe

කිසිවෙක්‌ කිසිවකට වරදකරුවෙකු කරන්න බලයක් නෑ – බැදුම්කර කොමීසම

මේක සත්‍ය තොරතුරු සෙවීමේ කොමිසමක්‌ පමණක් වන බවත් කිසිවෙක්‌ කිසිවකට වරදකරුවෙකු බව තීරණය කරන්න අපට බලයක්‌ නැතැයි මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (27) කොමිසම රැස්‌වූ අවස්‌ථාවේදී සඳහන් කළේය.

කොමිසම දැනට සාක්‌ෂි සටහන් කරගනිමින් සිටින බවත් තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බවත් විනිසුරු චිත්‍රසිරි මහතා මෙහිදි පැවැසීය.

වැරදි කරුවන් පෝරකයට යවනවා යි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බවත් පෝරකය යන වචනය භාවිතා කරමින් කොමිසම හමුවේ කළ ප්‍රකාශයක්‌ අදාළ කර ගෙන එය සිදුකර ඇති බවත් විනිසුරු චිත්‍රසිරි මහතා  විශේෂ දැනුම් දීමක් කරමීන් සඳහන් කළේය.

කොමිසම හමුවේ සාක්‌ෂි මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ නිතිඥ කණ්‌ඩායමේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා – ඒ ප්‍රකාශය කිරීමේ වගකීම මා බාර ගන්නවා.

විනිසුරු චිත්‍රසිරි – ඔබ එම ප්‍රකාශය කළ බව තමයි පුවත්පත්වල වාර්තා වී තිබෙන්නේ.

අතිරේක සොලිසිටර් ජනරාල් ලිවේරා මහතා – ඔව්. ඒ ප්‍රකාශය කිරිමේ වගකීම බාර ගන්න මම බය නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා – මේක ඉතා පැහැදිලිව සත්‍ය තොරතුරු සෙවීමේ කොමිසමක්‌.

අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය විඡේවර්ධන මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්‌ෂි දුන්නේය.

(ADS)