FAST NEWS

24×7 Around the Globe

පාතාලේ චමීන්ද මයුරපුරදී පොලිස් වෙඩි කා නසී..

අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රබල පෙලේ පාතාල සාමාජිකයෙකු හම්බන්තොට මයුරපුරදී අද (27) දහවල් 11.30.ට පමණ පොලීසිය සමග ඇති ව තිබූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

වෙඩි හුවමාරුවේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.කේ. චමින්ද නම් ප්‍රබල පාතාල සාමාජිකයෙකු බව පොලීසිය පවසයි.

මියගිය චමින්ද ප්‍රබල පෙලේ අපරාධ රැසක් සිදු කොට හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ සැගව සිටි බවත්  ඔහු ගැන ලැබුණු තොරතුරකට අනුව  වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිළධාරීන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගැනීමට හදිසි වැටලීමක් සිදු කළ බවත් පොලීසිය කියයි.

පොලිස් අත් අඩංගුවෙන් මිදී පලා යාම සදහා මිය ගිය අපරාධකරු පොලීසියට වෙඩි තබා ඇති අතර ඔහු මෙල්ල කිරීම සදහා පොලීසිය වෙඩි තබා  තිබේ.

පොලීසිය තබන ලද වෙඩි පහරකින් අපරාධ කරු මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ තැන්පත් කොට ඇති බව පොලීසිය කියයි.

පාතාල සාමාජිකයා හා සිදු වූ වෙඩි හුවමාරුවෙන් වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවලා ලබා ඇති අතර ඔවුන් ද හම්බන්තොට රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති ඔවුන්ගේ තත්වය බරපලත නැතැයිද පැවසේ.

(ADS)