FAST NEWS

24×7 Around the Globe

සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලීසියට හැකියි..

ශ්‍රී ලංකා පොලීසියට සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට   හැකියාවක්  ඇති බව පෙන්වා දෙමින් ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා අද(27) උසාවි නියෝගයක් ලබා දුන්නේය.

එම පනත යටතේ පොලීසියට නඩු පැවරීමට හැකියාව නැතැයි කලුතර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම තීරණයත් සමග සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියකු මාධ්‍ය වෙත පැවසීය.

(ADS)