FAST NEWS

24×7 Around the Globe

කාත්තාන්කුඩි නගර සභාවේ සේවකයන් 45 ඉවතට..

අනුමැතියකින් තොරව දේශපාලන බලයෙන් පත්වූ කාත්තාන්කුඩි නගර සභාවේ සේවකයන් 45 දෙනෙකුගේ සේවය තහනම් කර ඇති බව නගර සභාවේ ලේකම් එම්.එස්.එම්.සපී මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම මෙම සේවකයන් පසුගිය මාස12ක සිට පසුගිය 18 වැනිදා දක්වා නගර සභාවේ සේවය කළ අය වන බවත්, අදාළ කාල සීමාව තුළදී නගර සභාවේ මුදලින් රුපියල් ලක්ෂ150ක් මොවුන්ගේ වැටුප් සඳහා වැයවූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)