FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි එයි..

2016 අ.පො.ස  උසස් පෙළ විභාග ප්‍රතිඵල මත  විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු මැයි මාස අවසානය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල වලට අයදුම්පත් භාරගැනීම අන්තර්ජාල ඔස්සේ පමණක් සිදු විය.

එ අනුව මෙවර විශ්වවිද්‍යාල පාඨමාලා 210ක් සඳහා අපේක්ෂකයින් 71,111 දෙනෙක්  අයදුම් කර ඇති බවද එම කොමීසන් සභාව පවසයි.

එ අනුව ලැබි ඇති අයදුම්පත්වලට අදාළව ඒ ඒ සිසුන්ට හිමි පාඨමාලා වර්ගීකරණය කිරීමෙන් අනතුරුව කඩයිම් ලකුණු නිකුත් කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

(ADS)