FAST NEWS

24×7 Around the Globe

‘සමයං’ ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු අල්ලයි..

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාර එල්ල කර ‘සමයං’ ඇතුළු රැඳවියන් පිරිසක් හා බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙකු  ඝාතනය සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු ඊයේ (26දා) මල්වතුහිරිපිටිය පොලිස්වසමේ කිනිගම ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් පවසයි.

සැකකරු බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි චමින්ද සඳමාල් එදිරිසූරිය නමැත්තෙක් වන බවත් ,මොහු මීට පෙරද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සමයං ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ පුද්ගලයෙකු බව එම කොට්ඨාසය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අද (27දා) කළුතර උතුර පොලිස් ස්ථානයට භාර දීමට නියමිත බවද එම කොට්ඨාශය වැඩි දුරටත් පැවසීය.

(ADS)