FAST NEWS

24×7 Around the Globe

සාලාව වාසීන්ට සාධාරණ වන්දි ඉල්ලා නඩු මගට..

සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් දේපළවලට රජය මෙතෙක්‌ වන්දි ගෙවා නැති බවත් විපතට පත් සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ගෙවන ලෙසත් ඉල්ලා අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කළ බව කොස්‌ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව පවසයි.

එසේම නඩු පැවැරීම සඳහා දැනටමත් නීතිඥයන් සමඟ සාකච්ඡා කර පියවර ගෙන තිබෙන බවත්, එ අනුව සති දෙකක්‌ තුළ නඩු පැවැරීම සිදු කරන බව පවසන එම ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි  මාධ්‍ය වෙත පැවැසීය.

මේ සම්බන්ධව තවදුරටත් අදහස්‌ දැක්‌වූ  එහි මහතා …

”සාලාව අවි ගබඩාව පිපිරී මාස 10 කට අධික කාලයක්‌ ගෙවිලා ගිහින්. අපි කියන්නේ ව්‍යාපාර අහිමි වෙච්ච අපිට වන්දියක්‌ ඕන කියලයි. මුදල් අමාත්‍යවරයා පසුගිය සැප්තැම්බර් 22 වැනි දා පැවැති සාකච්ඡාවේදී පොරොන්දු වුණාට තාම හානි වෙච්ච රථ වාහන වලට වන්දි ලබාදීම සම්බන්ධයෙන් කතා බහක්‌ නැහැ. ව්‍යාපාරික ස්‌ථානවල සේවය කරපු සේවකයන් ඉන්නවා. ඔවුන් සඳහාත් ඒ රුපියල් දහදාහක පළවැනි මාසයේ දීමනාව කොටසකට ලැබිලා නැහැ. පිපිරීමේදී ආබාධිත තත්ත්වයට පත්වුණු දෙදෙනකුට පමණයි වන්දි ලබා දුන්නේ.

අපි අහනවා ඇයි මෙහෙම ආණ්‌ඩුව අපිව රවට්‌ටන්නේ කියලා? අපි ආණ්‌ඩුවට දෙන්නේ තව දින 14 ක කාලයක්‌ පමණයි. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ව්‍යාපාරිකයන්ටත්, ප්‍රජාවටත් අවශ්‍ය සහන සහ වන්දි ලබා ගැනීමට”

(ADS)