FAST NEWS

24×7 Around the Globe

28 වැනිදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් , නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම වෙනුවෙන් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් මෙම මස 28 දා පැවැත්වීමට නියමිතය.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්වී එය අනුමත කළ යුතු අතර එසේ නොකළහොත් එම ගැසට් නිවේදනය අවලංගු වනු ඇත.

මේ නිසා පාර්ලිමේන්තුව 28 දා රැස්වෙන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමක්ද අද (26) පෙරවරුවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

(ADS)