මීතොටමුල්ලේ විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රු. 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පා.ම. එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ත‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
(ADS)








