FAST NEWS

24×7 Around the Globe

2030 වසර වන විට එඩ්ස් මුළුමනින්ම ලෝකයෙන් තුරන් වේ.

ඉදිරි වසර 15 තුළ එච්.අයි.වී වෛරසය මුළුමනින්ම තුරන් කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා.එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මෙම වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේ මෙම ඉලක්කය අසීරු වුවත් ළඟාකර ගැනීමට හැකි ඉලක්කයක් බවයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුදැනුම ඇතුව සෑම අයෙකුටම පෙර දැනුවත් කිරීම් ඖෂධ,ප්‍රතිකාරක්‍රම සහ සහාය ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබදව මෙම වාර්තාවේ සඳහන් වන අතර 2015න් මෙය ආරම්භකර ඉදිරි මාස 9 තුළ මිලියන 15කට එච්.අයි.වී සඳහා ප්‍රතිකාර ලබාදීමට නියමිතයි.