FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර කොමීසමේ මාස තුනකින් දිර්ඝ කෙර්..

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමීසමේ  කාලය  මාස 03 කින් දීර්ඝ කෙරෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයට අදාළ ලිපිය කොමීසම වෙත ලැබී ඇති බව එම කොමීසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මෙම මස 27 වන දිනෙන් කොමිසමේ කාලය අවසන් කිරීමට නියමීතව තිබු අතර , නව දිර්ඝ කිරීමත් සමග කොමිසමේ කාලය ලබන ජුලි මස 27 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.

මේ අතර කොමිසම විසින් මේ වන විට මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් එම කොමීසම පවසයි.

(ADS)