FAST NEWS

24×7 Around the Globe

2017 වසරේ පළමු ඡන්දය ජනමත විචාරණයක් – ඇමති රාජීත

වත්මන් රජය 2017 වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය නව ව්‍යවස්ථාව සඳහා වන ජනමත විචාරණය බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ  සම්මත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකට ලක් කරන බවත්, නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මේ වන විට කමිටු පත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව කඩිනමින් ව්‍යවස්ථාවක් සකස් කරන බවත්, ඊට අදාළ
ජනමත විචාරණයෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

(ADS)