FAST NEWS

24×7 Around the Globe

ධීවර යාත්‍රා නිරීක්‍ෂණයයට ට්‍රාන්ස්පොන්ඩර් උපකරණ..

ගැඹුරු මුහුදේ කටයුතු කරන ධීවර යාත්‍රා ගොඩබිම සිට නිරීක්‍ෂණය කළ හැකි ට්‍රාන්ස්පොන්ඩර් නැමැති උපකරණය සියලුම ධීවර යාත්‍රාවලට ලබාදීමේ  සමාරම්භක උත්සවය හෙට (26දා) පස්වරු 3.00ට දික්ඕවිට ධීවර වරායේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

එ අනුව මෙම උපකරණය මගින් අදාළ ධීවර යාත්‍රාව මුහුදේ කිනම් තැනක ධීවර කටයුතුවල නිරතවන්නේද යන්න සොයා බැලිය බවත්, එම යාත්‍රාවල ගමන්ගන්නා ධීවර කාර්මිකයන්ට කිසියම් ආපදාවක් සිදුවන්නේ නම් ඔවුන් ඉන් මුදාගැනීමටද මෙම උපකරණ ඔස්සේ හැකියාව සැලසෙන බවද අමාත්‍යාංශය කියයි.

මෙම පහසුකම සියලුම ධීවර වරායන් ඔස්සේ ධීවර යාත්‍රාවන්ට ලබාදීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි .

(ADS)