FAST NEWS

24×7 Around the Globe

තිලකරත්න ඩිල්ෂාන් අධිකරණයට භාර වෙයි..

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩත්තු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අද (25දා) පෙරවරුවේ අධිකරණයට භාර විය.

අදාළ නඩුව ඊයේ (24) දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී ඩිල්ෂාන් අධිකරණයට නොපැමිණි අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

(ADS)