FAST NEWS

24×7 Around the Globe

බෙන්තොට බස් ලොරි ගැටුමකින් 15 කට තුවාල..

අද (25දා) අළුයම 4.30 ට පමණ කොළඹ -ගාල්ල මාර්ගයේ බෙන්තොට ප්‍රදේශයේදී ලොරි රථයක් හා පුද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් රියදුරන් දෙදෙනා ඇතුළුව 15 දෙනෙකු තුවාල ලැබූ බව බෙන්තොට පොලීසිය පවසයි.

කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක් හා මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ රියදුරන් දෙදෙනාම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් බෙන්තොට සහ අලුත්ගම රෝහල්වලට ඇතුළත් බව පොලිසිය පැවසීය.

(ADS)