FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට GSP+ සහන නොදෙන්නැයි යෝජනාවක්..

ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහන ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් යෝජනාවක් සභාගත කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිස්ංස්කරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවත්, ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීම සඳහා වූ නිර්දේශ සැපිරීමට ලක් රජය කටයුතු කර නොමැති බවත් පවසමින් අදාළ යෝජනාව ඉදිරිපත් කොට ඇති බවද සඳහන්.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වූ වාර්තා උපුටා දක්වමින් එම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අවධාරණය කර ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මන්දගාමී බවයි.

අදාළ යෝජනාව මේ මස 26 සහ 27 යන දිනවලදී යුරෝපා පාර්ලිමෙන්තුවේ දී සාකච්ඡා කිරීමට එය සම්මත කර ගැනීමට ඡන්ද විමසීමක්ද පැවැත්වීමටත් නියමිත බව වාර්තා වේ.

යෝජනාව සම්මත කර ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර 751න් 376ක ඡන්ද සංඛ්‍යාවක් හිමිවිය යුතු අතර යෝජනාව සම්මත වුවහොත් එය යුරෝපා සංගමය වෙත යොමු කෙරෙන බවද පැවසේ.

(ADS)