FAST NEWS

24×7 Around the Globe

සන්ධානයෙන් ජයගත් සියළු දෙනාට ශ්‍රීලනිපයෙන් මැයි ආරාධනයක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණවලට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ සියලුම පාර්ලිමේන්තු සහ පළාත් සභා නියෝජනය කරන මැති ඇමතිවරුන්ට මෙවර මැයි රැළිය සඳහා සභාගීවන ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභාවේදී විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඊයේ(23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්විය.

මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැයි දිනය සම්බන්ධයෙන් වැඩිවශයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

(ADS)