FAST NEWS

24×7 Around the Globe

කෝප් සභාපතිවරු බැඳුම්කර කොමීසමට කැඳවති..

බැඳුම්කර සිද්ධිය විභාග කළ පළමු කෝප් සභාපති ඩ්ව් ගුණසේකර සහ වර්තමාන කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතය.

මේ අනුව අද (24) දින ප.ව. 1.00 ට ඩිව් ගුණසේකර මහතා මුලින්ම  කොමීසමට කැඳවා ඇති අතර හෙට (25ද) දින කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ද බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවා ඇතැයිද වාර්තා වේ.

කෝප් සභාපතිවරු දෙදෙනාගෙන් සාක්‌ෂි ලබා ගැනීමෙන් අනතුරුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද කොමිසම හමුවට කැඳවා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)