FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ආසියාවේ පිවිසුම් මාර්ගයක් බවට පත්වෙලා..

මිත්‍රශීලි ව්‍යාපාර ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ පිවිසුම් මාර්ගයක් බවට පත්ව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය සෞඛ්‍ය සේවා, අපනයනය පදනම් කරගත් නිෂ්පාදන සහ සංචාරක කර්මාන්තය යන අංශවල ආයෝජන අවස්ථා බහුලව පවතින බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අමෙරිකානු වාණිජ මණ්ඩලය අමතමින් මේ බව ප්‍රකාශ කරන ලදි.