FAST NEWS

24×7 Around the Globe

සයිටම් පොදු කිරීමෙන් බලාපොරොත්තු සියල්ල ඉටු වුණා – දොස්තර නෙවිල්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පොදු අයිතියක්‌ බවට පත්කිරීමෙන් පසු තමා බලාපොරොත්තු වූ සියල්ලම ඉටුවූ බව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා  ඊයේ (21 දා) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයෙන් දක්‌ෂ වෛද්‍යවරුන් පිරිසක්‌ බිහිවෙනවා දැකීම තමාගේ එකම බලාපොරොත්තුව බව පැවසු දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා සැත්කමකට භාජනය කරන රෝගියකු වෙනුවෙන් සාත්තු සේවකයකු නැතිනම් එම රෝගියා වෙනුවෙන් ට්‍රොලිය තල්ලු කිරීම, ඇතුළු සේවා කිරීමට පවා තමාගේ රෝහලේ වෛද්‍යවරුන් මුහුණ දීමට සූදානම් යෑයිද කීය.

තමාගේ සයිටම් ආයතනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව පැවැසූ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා, ජනාධිපතිවරයා මැදිහත්වී සයිටම් අර්බුදය සඳහා වන විසඳුමට රෝගීන්ගෙන් මුදල් ගසාකන වෛද්‍ය මුදලාලිලා එකඟ නොවීම කනගාටුවක්‌ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

(ADS)