FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලෙන් ඉවත් කෙරෙන පවුලක් සඳහා මාසයට රුපියල් 50,000 ක්..

මීතොටමුල්ල කුණු කන්ද අවට අවධානම් කලාපයේ වාසය කරන ජනතාව එයින් ඉවත් කිරීමේදී එක් පවුලක් සඳහා මසකට රුපියල 50000ක වන පරිදි දීමනාවක් මාස තුනක කාලයක් සඳහා ලබාදීමට රජය තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කොළඹ අද (21දා)  පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

එසේම මීතොටමුල්ල කුණු අවට එනම් දහම්පුර හා පන්සල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ලබාගෙන තිබූ නිවාස ණය කපාහැරීමටද රජය තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

(ADS)