FAST NEWS

24×7 Around the Globe

කරදියාන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නොතීසි..

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු 6 දෙනෙකුට ලබන 24 වෙනිදා අධිකරණය වෙත කැඳවමීන් කැස්බෑව මහේස්ත්‍රාත්  අධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

පිළියන්දල කරදියාන කසල අංගනය වෙත කොළඹ මහ නගර  සභාවට අයත් කසල මෙට්ට්‍රික් ටොන් 350 ක් බැහැර කිරිමට  කැස්බෑව අධිකරණය දුන්  නියෝගයට අනුව කසල බැහැර  කිරිම පැමිණි ලොරි රථ වලට  බාධා කරමින් කිරීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් වෙත මෙලෙස නොතීසි නිකුත් කළේය.

එසේම හෙට (22) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබු කරදියානට කසල බැහැර කිරීමට එරෙහිව විරෝධතාවක් සඳහාද කැස්බෑව මහේස්ත්‍රාත්  අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

(ADS)