FAST NEWS

24×7 Around the Globe

මුල්‍ය අර්බුද මැද ,උතුරු මැද ලක්ෂ 150 ක උත්සව තියයි..!

දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව පවතින උතුරු මැද පළාත් සභාව පවතින තත්වයක් මධ්‍යයේ, පළාත් මහ ඇමතිවරුන්ගේ සම්මේලනයට සහ ස්වර්ණ සංඛ සම්මාන උළෙල සදහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වියදම් කිරිමට පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පළාත් සභාවේ උසස් නිලධාරින් දැඩි ලෙස මවිතයට පත් ව ඇති බව වාර්තා වේ.

සවර්ණ සංඛ සම්මාන උළෙල ලබන මස 05 වැනි දින අනුරාධපුර නගරයේ සුපිරි හෝටලයක පැවැත්විමටත් ලබන මස 06 වැනි දින ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව හබරණ තරු හෝටලයක පැවැත්විමටත් කටයුතු මේවන විට සංවිධානය කර ඇති බවද උතුරු මැද පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

මෙම උත්සව දෙක සදහා වැයවන මුදල රුපියල් ලක්ෂ 150 ක් වන බවද පැවසේ.

(ADS)