මීතොටමුල්ල ඛේදවාචකය ආණ්ඩුව වගකිව යුතු වන බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තියට අනුව ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ඊයේ (20) පැලවත්තේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.
එසේම මෙය ස්වභාවික ආපදාවක් නොවන බවත් නොසැලකිලිමත්කමින් කළ මිනීමැරුමක් බව මෙහිදි අදහස් දක්වමින් වටගල මහතා පෙන්වා දුන්නේය.
මහ නගර සභා ආඥා පනතේ 129 වන වගන්තියට අනුව බල ප්‍රදේශයේ කැළි කසළ එකතු කිරීම ආයතනයේ ජනතා යුතුකමක්. එය 130 වගන්තියට අනුව එසේ එකතු කරගත් කසළ ආයතනයට ආදායමක් ලැබෙන ලෙසට කළමනාකරණය කර උපයන මුදල් අදාළ ආයතනයේ ගිණුමට බැර කිරීම නීති ගතවී තිබෙන බවද හෙතෙම පැවසීය.
දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තියට අනුව නොසැලකිලිමත්කම වරදක් ලෙස සැලකෙන අතර මෙම ඛේවාචකය සිදුවූයේ ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය නිසා බැවින් පාලකයන් ජනතාව නොසලකා හැරීම නිමිත්ත වශයෙන් ගෙන මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වන බවද හෙතෙම අවධාරණය කළේය.
කුණු කන්දේ අවදානම පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදී ආණ්ඩුවට, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හා කොළඹ මහ නගර සභාවට දැනුම් දුන් නමුත් දේශපාලනඥයන් හා නිලධාරීන් ඒවා නොතකා හැරීම නිසා මිනිස් ජීවිත 30කට අධික සංඛ්‍යාවකට දිවි පිදීමට සිදුවූ බවද වටගල මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.