FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ගැන වැඩිදුර පරික්ෂණ..

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.

එසේම ඔහු අගමැති පදවියෙන් ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නොමැති බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී ඇති බවද සඳහන්.

අගමැති නවාස් ෂරීෆ් ගේ පවුලේ සාමාජිකයන් විසින් විදේශයන්හි ව්‍යාපාරික කටයුතුවල නිරත වීමේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කරනු ලැබීම ආරම්භ කෙරුණේ, ඔහුගේ පුතුන් හතර දෙනාගෙන් තිදෙනකුට රටින් පිටත බැංකු ගිණුම් ඇතිබව ‘පැනමා’ ලියකියවිලි මගින් අනාවරණය කෙරුණු  හේතුවෙන් බවද සඳහන්.

(ADS)