FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක..

මාරු මණ්ඩල අනුමැතියකින් තොරව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට වෛද්‍ය නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් අද (21) සංකේත වැඩවර්ජනයක නිරත වේ.

කොළඹ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පවසා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.