FAST NEWS

24×7 Around the Globe

හදිසි මැතිවරණයක් සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අනුමැතිය හිමී වෙයි..

ජූනි 8 වැනි දින හදිසි මැතිවරණයක් කැඳවීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කළ යෝජනාවට ඊයේ (19) දිනයේදී  එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමීව  ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.

මැතිවරණය පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක කැමැත්ත අවශ්‍ය වු අතර පැවැති ඡන්ද විමසුමේදී ඊට පක්ෂව ඡන්ද 522ක් හිමිව තිබේ.

එසේම මන්ත්‍රීවරුන් 13 දෙනකු  මහ මැතිවරණය නියමිත කාලයට පෙර ජූනි 8 වැනිදා පැවැත්වීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජූනි 8 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම බහුතර ඡන්ද 509කින් සම්මත වු බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

ලබන ජූනි 8 වැනිදා හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා සැලැසුම් කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පසුගිය (18 වැනිදා) ප්‍රකාශ කළාය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා පැවැති ජනමත විමසුම සහ එම ක්‍රියාවලියෙන් පසු බ්‍රිතාන්‍යයට ස්ථාවත්වරත්වයක් සහ ශක්තිමත් නායකත්වයත් අවශ්‍ය බව සඳහන් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය මෙසේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි  විදෙස් වාර්තා සඳහන් කර තිබුණී.

(ADS)