උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසකට මැයි 24 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි අද (20) නියෝග කළේය.
අදාළ අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිම සදහා සුදුසුකම් නොමැති නිළධාරියෙකු දේශපාලන හිතවත්කම් මත පත් කිරීමකට අදාළව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කාර ප්‍රධාන ඉංජිනේරු ලක්ෂ්මන් චන්ද්‍රසිරි මහතා ස්වකීය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුර හෝ වැඩ බලන සාමාන්‍යාධිකාරි තනතුර දැරීමට වඩාත්ම සුදුසුකම් ඇත්තේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වන තමන්ට පමණක් බවයි.
උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ විජිත කුමාරසිරි, එහි ප්‍රධාන ඉංජිනේරු සී.කේ.ගුනවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
(ADS)








