FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය පිළිබඳ සංශෝධිත ගිවිසුම කැබ්නට්ටුවට..

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගමට පැවරීමට අදාළව සංශෝධනය කරන ලද ගිවිසුම ලබන අඟහරුවාදා (25දා) පැවැත්වෙනන කැබිනට් මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කිරීමට විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

වරාය අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ අදහස් අනුව කිහිප වරක්ම යෝජිත ගිවිසුම සංශෝධන කොට ඇති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව 99 වසරකට බදු දීම වෙනුවට අවුරුදු 50 -60 අතර බදු දීම, බදු සීමාව අවසන් වූ පසු එම කාලයේ පවතින වටිනාකමට අනුව යළි ශ්‍රී ලංකා රජයට පවරා ගැනීම වෙනුවට එක් ඩොලරයක් පමණ ගෙවා පවරා ගැනීම, වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකාවට භාරවීම, වරායේ අයිතිය 80 – 20 වෙනුවට 60 – 40 හෝ 51 – 49 ලෙස සංශෝධනය කිරීම ආදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කොට ඇති බවද වාර්තා වේ.

(ADS)