FAST NEWS

24×7 Around the Globe

විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග 03 ක් දැළේ..

අද (19) පෙරවරුවේ නාවික හමුදා බටහිර නාවික විධානය සහ වලාන දූෂණ මර්දන ඒකකය එක්ව සිදු කළ වැටලීමකදී  කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් බලපත්‍ර රහිතව, නීති විරොධී ලෙස ‍මෝටර් රථයක් මගින් මෙම මත්පැන් බෝතල් තොගය ප්‍රවාහනය කරමින් සිටි අතරතුර මෙම වැටලීම සිදු කර ඇත.

එම පුද්ගලයන්, මෝටර් රථය සහ මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදාන පොලීසිය වෙත භාර දීමට කටයුතු  කර තිබේ.

(ADS)