සන්ඩේ ලීඩර් හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් තිදෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18 දා) ප්‍රශ්න කරනු ලැබීය.
එ අනුව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කුමාර හේරත්, හිටපු බස්‌නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යන නිලධාරීන් මෙම තිදෙනාට අයත් බව පොලිස් මූලස්‌ථානය පවසයි.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්‌ථාවේ සිදු වූ බව කියන සැක කටයුතු දුරකථන සංවාද කිහිපයක් සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇති බවද පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග කියයි.
ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මෙම නිලධාරීන්ට දැනුම් දී තිබිණි.
මෙහිදී ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව ද පොලිස් මූලස්‌ථානය පවසයි.
(ADS)








