FAST NEWS

24×7 Around the Globe

මහා ලේඛකාධිකාරී සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙයි..

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියන් අපවත්වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 9ක පමණ කාලයක් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත්වන විට වයස අවුරුදු අසූ දෙකකි.

දෙමටගොඩ නාග විහාරයේ වැඩ වාසය කළ උන්වහන්සේ අද (18) පෙ.ව 9.00 පමණ වනවිට ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලික රෝහලේදී අපවත්වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු මෙතෙක් දැනුම්දී නොමැත.