FAST NEWS

24×7 Around the Globe

අනුර සේනානායක යළි රිමාන්ඩ් කෙරේ..

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ  මහේස්ත්‍රාත්  අධිකරණය අද (18) නියෝග කළේය.

එසේම මෙම නඩුවට අදාළව ශ්‍රී ලංකා  වෛද්‍ය සභාව මගින් හිටපු  ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර  මහතා ගැන කරනු ලබන විමර්ශනය අප්‍රේල් මස 21 දා අවසන් කෙරෙන බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මහතා  අධිකරණයට  කියා සිටියේය.

තාජුඩීන්ගේ පළමු මරණ පරික්ෂණයෙන් පසු අස්ථි කොටස් අස්ථාන ගත කිරිම සහ පළමු මරණ පරික්ෂණයේ දී සිදු වුවායි කියන අවභාවිතය සම්බන්ධව මෙම පරික්ෂණ සිදු  කෙරෙයි.

(ADS)