FAST NEWS

24×7 Around the Globe

36 වැනි වතාවටත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 36 වැනි වතාවටත් මේ මස 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මඩකලපුව දිස්ත්‍රික් වැඩබලන විනිසුරු එම්.අයි.එම්. රිස්වි මහතා අද (17දා) නියෝග කළේය.

මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුව අද(17) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී තිබේ.