FAST NEWS

24×7 Around the Globe

රටේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ 4 ක් ණයයි..!

මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ හතරක් පමණ ණය වී ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම තිස්සපුර සිරිජයගම නිවාස ව්‍යාපෘතිය විවෘත කරමින් පැවැසීය.

හම්බන්තොට ප්‍රදේශයේ වරායක් ඉදිකිරීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති නමුත් ප්‍රශ්නයක් වී ඇත්තේ වරායට නැව් නොපැමිණීම බවද හෙතෙම සදහන් කලේය.

දිස්ත්‍රික්කයේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ නිවාස නොමැතිකම බවත් පසුගිය රජයට එය විසඳීමට නොහැකි වූ බවත් ප්‍රේමදාස මහතා සදහන් කලේය.