FAST NEWS

24×7 Around the Globe

පොහෝ දින ආගමික වැඩසටහන්වලට ප්‍රමිතියක්..

පොහෝ දිනයන්හී සිදු කරන ආගමික වැඩසටහන්වල ප‍්‍රමිතිය පිළිබඳ විධිවිධාන ඇතුළත් කර චක‍්‍ර ලේඛයක් දිවයිනේ සියලු දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශිය ලේකම්වරුන් සහ විහාරාධීපති හිමිවරුන් වෙත යොමු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව එළඹෙන වෙසක්, පොසොන් සහ ඇසල පොහෝ දිනයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර දන්සැල් සඳහා ආධාර එකතු කිරීමේ දී ප‍්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සහ ග‍්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශය අනිවාර්ය කර තිබේ.

එමෙන්ම සංදර්ශන කටයුතු මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි සංවිධාන කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා අවධාරණය කරන ලදි.

නිසි ප‍්‍රමිතියෙන් තොර පිරිකර සම්බන්ධයෙන් ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර එවැනි පිරිකර අලෙවි කරන්නන් පිළිබඳ පාරිභෝගික අධිකාරිය දැනුවත්කිරීමට කටයුතු කරන බව ද නිමල් කොටවෙලගෙදර මහතා පැවැසීය.