FAST NEWS

24×7 Around the Globe

කුණු කන්දේ අතුරුදන්වූවන් සොයා අදත් මෙහෙයුම් සිදු කෙරේ..

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන අතර මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව 26ක් ලෙස වාර්තා විය.

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වන අතර ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ කොලොන්නාව ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම තක්සේරු කිරීම් සිදු කරන බවයි.

සියලූ තක්සේරු කිරීම් දින පහක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසූ අතර මෙම ආපදාව සිදු වූ මොහොතේ සිට අවුරුදු නිවාඩුව ද නොසලකා බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන සේවාවලට එක් වූ සියලු නිලධාරීන්ට සිය ස්තූතිය පුද කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.