FAST NEWS

24×7 Around the Globe

ගම්බිම් බලා ගිය මගීන්ට නැවත පැමිණීමට විශේෂ බස් රථ සේවා..

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යන මගීන්ට සහ ගම්බිම් බලා ගිය මගීන්ට නැවත නගර වෙත පැමිණීම සඳහා අද (15) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ශී‍්‍රලංගම පැවැසීය.

ශී‍්‍රලංගම ප‍්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීයව ස්ථානගත වී ඇති බස් රථ මේ වන විට දිවයින පුරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

විශේෂ සේවා සැපයීමට පෞද්ගලික බස් හිමියන්ගේ ඇති සූදානම පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කලේ අද(15) දිනයේදී 50% ක බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු කරමින් ඇති බවයි.

පෞද්ගලික බස්රථ ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත්තේ බොහෝ විට ලබන සදුදා සිට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.