FAST NEWS

24×7 Around the Globe

අලූත් අවුරුද්දේ අනතුරු අඩු වෙයි..

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අලූත් අවුරුදු උදාවත් සමග සිදු වූ හදිසි අනතුරු සියයට 16කින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ කියා සිටියේ දැනට වාර්තාවී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 185ක් බවයි.

රෝගීන් හැත්තෑ දෙදෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කල අතර මහාමාර්ග අනතුරු 48ක් ද, නිවසේදී සිදු වූ අනතුරු 38ක් ද වාර්තාවී ඇති බව ඔහු පැවැසීය.