FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගේට්ටුකරුවන් හෙට කළු කොඩි ඔසවයි..

දිවයින පුරා සේවය කරන දුම්රිය ගේට්ටුකරුවන් හෙට(14) දිනයේ දුම්රිය හරස් මාර්ගවල කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වන බව උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති රොහාන් රාජ් කුමාර් මහතා කියා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත් දුම්රිය ගේට්ටුකරුවන් සිදු කරන  විරෝධතාවයට සහය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන ලෙසත්, දැනට ක්‍රියාත්මක වන රුපියල් 7500 දිමනාව ඉහළ දමන ලෙස ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් වැඩවර්ජනයේ නිරත වන බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට රජය මෙතෙක් යහපත් ප්‍රතිචාර නොදැක්වූ බව උතුරු පළාත් දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් රාජ් කුමාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.