FAST NEWS

24×7 Around the Globe

යාපනයේ අවතැන් ජනතාව මුල් ඉඩම්වල පදිංචි කිරීම පිළිබද සාකච්ඡා ඇරඹේ..

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා මුණගැසී සාකච්ඡා කර ඇති අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දි අදාළ සාකච්ඡා පැවති බව වාර්තා වේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා සේනා මූලස්ථානයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශවය අතර යාපනය ප්‍රදේශයේ අවතැන් ජනතාව මුල් ඉඩම්වල පදිංචි කිරීම ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

මීට අමතරව යාපනය ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බව වාර්තා වේ.